මාසික ගෙවීමේ ක්‍රමයට සේවා සැපයීම පිලිබද නියමයන් සහ කොන්දේසි
අවසාන යවත්කාලීන කිරීම : 2024/08/31
අප ආයතනය වන fidex developers ආයතනය මගින් මාසික ගෙවීමේ ක්‍රමයට Web Development සහ App Development සේවා සැපයීමේ ක්‍රමය හදුන්වා දී ඇත.
එහිදී මාසික ගෙවීමේ ක්‍රමය පිලිබද ඇති නීති රීති සහ කොන්දේසි පහත දක්වා ඇත.
හැදින්වීම:
මාසික ගෙවීමේ ක්‍රමය වලංගු වන්නේ web Development සහ Application Development (Mobile Apps) සේවා සදහා පමනකි. [ “සේවාව”/”Service” –> ඉදිරියේදී “සේවාව(ක්)” ලෙස හදුන්වන සෑම අවස්තාවකම එලෙස “සේවාව(ක්)” යනු Web & Mobile App Development සේවාව පමණි ]
රු. 10,000/= (Ten Thousand Rupees)ට වඩා වැඩි ඕනෑම සේවාවක් (සේවාවේ මුලු මුදල) සදහා වලංගු වන අතර එම මුදලට වඩා අඩු සේවාවන් සදහා වලංගු නොවේ.
ඕනෑම website වර්ගයක් හෝ Mobile App වර්ගයක් සදහා මෙම සේවාව වලංගු වේ.
මාසික ගෙවීමේ ක්‍රමය යටතේ උපරිම මාස 6ක් දක්වා මාසිකව ගෙවීමේ පහසුව සලසා ඇත.
පද හැදින්වීම:
මුලු මුදල : පාරිභෝගිකයා විසින් fidex developers මගින් මිලදී ගන්නා සේවාව සදහා ගෙවිය යුතු මුලු මුදල
මූලික ගෙවීම : පාරිභෝගිකයා විසින් fidex developers මගින් මිලදී ගන්නා සේවාව සදහා ගෙවිය යුතු මුලු මුදලින් 25%ක්, 30%ක්, 40%ක්, 50%ක් හෝ 60% ක් අත්තිකාරම් මුදල ලෙස හැදින්වේ.
පොලී මුදල : සේවාවක් මාසික ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නා විට අමතර රු. 1500/= ක මුදලක් ගෙවීමට සිදුවන අතර මේ මුදල මුලු මුදලට එකතු කර වාරික ලෙස බෙදනු ලැබේ.
සේවා ලබාගැනීමේ ෆෝම් එක / පෝරමය : fidex developers විසින් සපයන සේවාවක් මිලදී ගැනීම සදහා පාරිභෝගිකයා විසින් පිරවිය යුතු form එක
සේවාව මිලදීගත් දිනය : සේවා ලබාගැනීමේ ෆෝම් එක පිරවීමෙන් අනතුරුව පාරිභෝගිකයා විසින් මූලික ගෙවීම සිදුකල දිනය සේවාව මිලදීගත් දිනය වේ.
මාසික වාරිකය : මූලික ගෙවීමෙන් පසු ඉතිරිවන මුදල සේවාලාභියා ඉල්ලිම් කල මාස ගණනට අනුව බෙදීමේදී එක් මාසයකට ගෙවිය යුතු මුදල.
සමා කාලය : මාසික වාරිකය ගෙවීමට නියමිත දිනයට මාසික වාරිකය නොගෙවන්නේ නම් ඔහුට වැඩිපුර ලැබෙන දින ගණන.
ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය:
සේවාවක් මාසික ගෙවීමේ ක්‍රමය යටතේ ලබා ගැනීමෙදී ඔබට පිරවීමට ලැබෙන ෆෝරමය හරහා ඔබට අප විසින් සැපයිය යුතු සේවාව පිලිබද සියලු දත්ත එකතු කරගන්නා අතර වැඩිදුර විස්තර වට්ස්ඇප් හරහා හෝ වෙනත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා ඔබේ අවසරය ඇතිව ලබාගනී.
ඔබ ලබාගන්නා සේවාවට අදාල සියලු කරුනු සාකච්ඡා කිරීමෙන් අනතුරුව අප විසින් සපයන සේවාවට නියම කරන ලද මුලු මුදල රු . 10,000 ට වඩා වැඩි නම් මාසික ගෙවීමේ ක්‍රමය යටතේ සේවාව ලබාගැනීමේ හැකියාව ලැබේ.
සේවාවක් මාසික ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නා විට අමතර මුදලක් (පොලියක්) ලෙස රු. 1500/= ක් මුලු මුදලට එකතු කරනු ලබයි. ඒ අනුව මුලු මුදල වන්නේ පොලී මුදල ද එකතු කල විට ලැබෙන මුදලයි.
සේවා සදහා නියම වන මුලු මුදලින් “මූලික ගෙවීම” ලෙස 25%ක්, 30%ක්, 40%ක්, 50%ක් හෝ 60% ක් ගෙවීමේ පහසුව සලසා ඇත. ෆෝම් එක පිරවීමේදී ඔබ මුලු මුදලින් මූලික මුදල ලෙස ගෙවීමට කැමති ප්‍රතිශතය අසනු ලැබේ.
පලමුවෙන්ම මූලික මුදල ගෙවීම සිදුකරන දිනය සේවාව ලබාගත් දිනය ලෙස සලකනු ලැබේ.
එලෙස මූලික ගෙවීම ගෙවා සේවාව ආරම්භ කරන ලද මාසයෙන් පසු සෑම මාසයකම සේවාව ලබාගත් දිනයට පෙර මාසික වාරිකය ගෙවිය යුතු වේ.
මූලික මුදල ගෙවීමෙන් අනතුරුව ගෙවීමට ඉතුරුවන මුදලින් සේවාලාභියා ඉල්ලුම්කරන මාස ගනනට අදාලව මාසික වාරික සකසනු ලැබේ. උපරිම මාස 6ක් සදහා වාරික සෑදිය හැකිය.
මාසික ගෙවීමේ සේවා ක්‍රමය වලංගුවන කාල සීමාව තුල ඇති සෑම මාසයකම නියමිත දිනයට හෝ එදිනට පෙර මාසික වාරිකය ගෙවා අවසන් කල යුතුය. එලෙස නියමිත දිනයට පෙර මාසික වාරිකය ගෙවීමට අපොහොසත් උවහොත් නියමිත දිනයේ සිට සමා කාලයක් ලෙස දින 3ක් ලබා දෙන අතර එම කාලය තුලද මාසික වාරිකය ගෙවීමට නොහැකි උවහොත් මාසික වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට තුන්වන දිනයේ පටන් ගතවන සෑම දිනකටම පොලී මුදලක් වාරික මුදලට එකතු වේ.
එලෙස ඉහත සදහන් කල ආකාරයට අවසාන සමා කාලය ලෙස ලැබෙන දිනයේ සිට ගතවන සෑම දිනකටම රු. 250/= බැගින් පොලී මුදලක් එකතු වන අතර එම මාසයේ වාරිකය ලෙස නියමිත මාසික වාරිකය සමග පොලී මුදලද එකතු කරනු ලැබේ.
එම මාසයේ පොලිය නොගෙවා මාසික වාරිකය පමනක් ගෙවන්නේ නම් ගෙවීමට ඉතිරි මුලු මුදලට පොලිය ද එකතු වේ.
ඒ අනුව ගෙවීමට ඉතිරි වාරික වලට අමතරව ගෙවීම් පැහැර හරින පොලී මුදල් ගෙවීමට නියමිත මුලු මුදලේ කොටසක් ලෙස සලකා මුලු ගෙවීමට නියමිත ඉතිරි මුදලට එක් කෙරේ.
ඒ අනුව යම් මාසයක වාරික සමග පොලී මුදලක් එකතු උවහොත් හා එම පොලී මුදල නොගෙවා මාසික වාරිකය පමනක් ගෙවීම සිදු කලහොත් මුලු පොලී මුදල ඊලග මාසයේ වාරික මුදල සමග එකතු කෙරේ.
එලෙස ගිවිසුම් කලය අවසන් වන මාසය වන විට ද පොලී මුදල් නොගෙවා සිටියහොත් අවසාන මාසික වාරිකය සමග මුලු පොලී මුදල ගෙවීමට සිදු වේ.
<< WEB DEVELOPMENT සදහා වන කොන්දේසි >>
වාරික ගෙවා අවසන් වනතුරු වෙබ් අඩවියේ අයිතිය හැසිරවෙන ආකාරය :
වෙබ් අඩවිය හෝ සේවාව මිලදීගත් දිනය ලෙස මූලික ගෙවීම සිදුකල දිනය සැලකනු ලබයි.
එදින සිට උපරිම මාසයක් ඇතුලත වෙබ් අඩවිය සාදා සේවාලාභියාට බාර දෙනු ලැබේ.
මාසික ගෙවීමේ ක්‍රමයට සේවාව මිලදී ගත් පසු මූලික ගෙවීම සිදුකල දිනයේ සිට වෙබ් අඩවිය සාදා නිම කර සේවාලාභියාට වෙබ් අඩවිය භාර දෙන තුරු වෙබ් අඩවියේ මුලු පාලනය fidex Developers ආයතනය සතුව ඇත.
වෙබ් අඩවිය උපරිම මාසයක් තුල ( දින 30ක් තුල. නමුත් වෙබ් අඩවියේ විශාලත්වය අනුව සාදා නිම කිරීමට ගතවන කාලය වෙනස් විය හැකිය) සාදා නිම කල පසු වාරික ගෙවීමේ ක්‍රමය යටතේ දෙපාර්ශවයම එකගවන ගිවිසුම් කාලය අවසන් වනතුරු වෙබ් අඩවියේ ප්‍රධාන අයිතිය / භාරකාරීත්වය fidex developers ආයතනය සතු වේ.
එනම් වෙබ් අඩවිය සාදා නිමකල පසු සේවාලාභියා හට වෙබ් අඩවියේ පාලක පුවරුව නොහොත් CONTROL PANEL එක/Wordpress Admin Dasboard වෙත පිවිසීමේ හැකියාව හෙවත් Control panel access ලබා දෙන අතර ඔහුට control panel එක හරහා වෙබ් අඩවිය නඩත්තු කිරීම හා හැසිරවීම සිදුකල හැකිය.
ගිවිසුම් කාලය අවසන් වන තුරු වෙබ් අඩවියේ Hosting, Domain, File Manager සහ අනෙකුත් වෙබ් අඩවියේ ප්‍රධාන අංගයන්ගේ අයිතිය සහ භාරකාරීත්වය fidex developers සතු වේ.
එනම් සේවාලාභියාට ගිවිසුම් කලය අවසන් වනතුරු Hosting, Domain, File Manager සහ අනෙකුත් වෙබ් අඩවියේ ප්‍රධාන අංගයන්ගේ අයිතිය හෙවත් Access ලබා නොදේ.
ගිවිසුම් කාලය අවසන් වූ පසු සහ නියමිත ලෙස වාරික ගෙවා අවසන් වූ පසු වෙබ් අඩවිය සෑදීමේ සේවාවෙහි මුලු මුදල සේවාලාභියා විසින් ගෙවා අවසන් කර ඇත්නම් වෙබ් අඩවියේ සියලු අයිතීන් සේවාලාභියාට පැවරේ.
එනම් වෙබ් අඩවියට අදාල Hosting, Domain, File Manager සහ අනෙකුත් වෙබ් අඩවියේ ප්‍රධාන අංගයන්ගේ සම්පූර්න අයිතිය සේවාලාභියාට පවරා fidex developers විසින් එම අයිතීන්ගෙන් ඉවත් වෙයි.
කිසියම් හේතුවක් මත අදාල ගිවිසුම් කලය අවසන් උවද ගිවිසුමේ ඇති පරිදි වෙබ් අඩවිය සෑදීමේ සදහා වන මුලු මුදල ගෙවා අවසන් කර නොමැති නම් ගිවිසුම අවසන් නොවේ.
එවිට ගිවිසුම අවසන් වන දිනය වන විට ගෙවීමට ඉතිරිව ඇති මුලු මුදල ගෙවා අවසන් කල යුතු අතර උපරිම දින 5ක් සමා කාලය ලෙස ලබා දෙනු ලැබේ.
ඒ අනුව අවසාන සමා කාලය ද අවසන් වන විට ගෙවීමට ඉතිරි වී ඇති මුලු මුදල ගෙවා අවසන් නොකලේ නම් සමා කාලයේ අවසාන වන දිනයේ සිට ගතවන සෑම දිනකටම රු. 250/= ක් අමතර “පොලී මුදල” ලෙස ගෙවීමට ඉතිරිව ඇති මුලු මුදලට එකතු වේ.
එලෙස සමා කාලය අවසාන වන දිනයේ සට ගතවන සෑම දිනකම දහවල් 12ට එදිනට නියමිත පොලී මුදල ( රු. 250/=) එකතු වේ.
මෙලෙස එකතුවන පොලී මුදල සමග ගෙවීමට ඇති මුලු මුදල එකතු කර ගෙවීමට ඇති “සම්පූර්න ඉතිරි මුදල” ගණනය කරනු ලැබේ.
මෙම “සම්පූර්න ඉතිරි මුදල” ගෙවා අවසන් වනතුරු වෙබ් අඩවියේ අයිතීන් සේවාලාභියාට පවරා දීම සිදු නොවේ.
වෙබ් අඩවියේ cpanel භාර දීමෙන් පසු:
ඉහත සදහන් කල ආකාරයට වෙබ් අඩවිය උපරිම දින 30ක් ඇතුලත සාදා නිම කල පසු පලමු වර වෙබ් අඩවියේ CONTROL PANEL එක/Wordpress Admin Dasboard එක සේවාලාභියාට බාර දීම සිදු වේ.
එලෙස සේවාලාභියාට වෙබ් අඩවිය භාර දීමෙන් පසු වෙබ් අඩවියේ ඇති අඩුපාඩු සහ ගැටලු පරීක්ශා කිරීමට දින 5ක කාලයක් සේවා ලාභීන්ට ලබා දෙන අතර වෙබ් අඩවියේ ගැටලු කිසිවක් නොමැති බව සනාත කල පසු වෙබ් අඩවිය සේවාලාහියාට බාරදුන් බව සහතික කරනු ලබයි.
එලෙස සේවාලාභියාට වෙබ් අඩවිය භාර දුන් බව සහතික කිරීමෙන් පසු අදාල සේවා පැකේජයට warrenty (වගකීම්) කාලයක් ලබා දී නොමැති නම්, මාසික ගෙවීමේ ගිවිසුමට අනුව වාරික ගෙවා අවසන් වනතුරු වෙබ් අඩවියේ ප්‍රධාන අයිතිය සහ භාරකාරීත්වය fidex developers සතුව පැවතිය ද වෙබ් අඩවියට සිදුවන කිසිදු හානියකට fidex developers වග කියනු නොලබයි.
මෙලෙස සිදුවන හානි fidex developers මගින් සිදු වූ හානියක් නම් ඒ පිලිබදව සොයා බලා එය අපගේ වරදක් බව තහවුරු උවහොත් කිසිදු අයකිරීමකින් තොරව වෙබ් අඩවියේ ඇති ගැටලු ඉතා ඉක්මනින් නිරාකර්ණය කර දීමට අපි කටයුතු කරනු ඇත.
ඊට අමතරව සේවාදයකයන්ගේ වරදින් හෝ වෙබ් අඩවි පරිශීලකයන් අතින් සිදුවන විශාල ප්‍රමානයේ හානි සදහා fidex developers විසින් වග කියනු නොලැබේ.
කෙසේ නමුත් ඇතිවන ගැටලු සදහා fidex developers මගින් සහය දැක්වීම හා error fix කිරීම මෙන්ම ගිවිසුම් කාලය අවසන් වනතුරු වෙබ් අඩවියට අමතරව එකතු කිරීමට අවශ්‍ය කුඩා කොටස් එකතු කරීම වැනි අමතර සේවා fidex developers විසින් නොමිලේ ලබා දෙනු ලැබේ.
වාරික ගෙවීම් පැහැර හැරීමක් සිදු කලහොත්:
ඉහත සදහන් කල ආකාරයට වෙබ් අඩවියේ CONTROL PANEL/Wordpress Admin Dasboard එක භාර දුන් පසු නියමිත මාසික වාරිකය අදාල දිනට ගෙවාගෙන යාම අනිවාර්ය වේ.
එලෙස මාසික වාරිකය ගෙවීම පැහැර හැරියහොත් එනම් සමා කාලයද ඉක්මවා දින 7කට වඩා ගෙවීම් පැහැර හැරියහොත් වෙබ් අඩවිය තාවකාලිකව වසා දමනු ලැබේ.
එනම් මාසික වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට සම්පූර්න දින 10ක් වාරිකය (එකතු වන පොලිය හැර) නොගෙවා සිටියහොත් වෙබ් අඩවිය තාවකාලිකව වසා දැමෙනු ඇත.
එනම් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව නවතා දමා වෙබ් අඩවිය not responding තත්වයට පත් කරන අතර සේවාලාභියාගෙන් CONTROL PANEL/Wordpress Admin Dasboard access තාවකාලිකව ඉවත් කර දමනු ලැබේ.
නැවත වෙබ් අඩවිය යතා තත්වයට පත් කිරීමට නම් අවම වශයෙන් වෙබ් අඩවිය වසා දැමූ දිනයට අදාල මාසික වාරිකය හා එදිනට එකතු වී තිබූ පොලී මුදලින් 50%ක් ගෙවිය යුතු වේ.
එනම් වෙබ් අඩවිය සක්‍රීය කිරීමට මාසික වාරිකය සදහා වන සමා කාලයට පසු දින 7ක කාලයක් ( වාරික ගෙවීමට නියමිත දිනයේ සිට දින 10ක්) වාරික පැහැර හැරියහොත වෙබ් අඩවිය වසා දැමෙන බැවින් ඒ වන විට දිනකට රු. 250/= බැගින් දින 7ක් සදහා රු. 1,750/= (One thousand Seven Hundred Rupees)ක පොලී මුදලෙන් අවම වශයෙන් 50% ක් එනම් රු.875/= (Eight hundred seventy five rupees)ක පොලී මුදලක් සහ එම මාසයට නියමිත මාසික වාරිකය ගෙවිය යුතු වේ.
එලෙස කටයුතු කරමින් වෙබ් අඩවිය නැවත සක්‍රීය කලහොත් වෙබ් අඩවියෙන් not responding ඉවත් කර CONTROL PANEL/Wordpress Admin Dasboard එකේ login Access සේවාලාභියාට නැවත ලබා දේ.
එසේ නොකර වෙබ් අඩවිය තාවකාලිකව වසා දැමීම සිදු කිරීමෙන් මාස 3ක කාලයක් වෙබ් අඩවිය නැවත සක්‍රීය කිරීමට සේවාලාභියා කටයුතු නොකලහොත් වෙබ් අඩවිය වසා දමා මාස 3කට පසු මාසික ගෙවීමේ ක්‍රමය යටතේ දෙපාර්ශවයම එකග වූ ගිවිසුම අහෝසි වේ.
එතැන් සිට නැවත වෙබ් අඩවිය සක්‍රීය කිරීමට අවශ්‍ය නම් ගෙවීමට ඇති මුලු වාරික මුදල් සමග ඉහත සදහන් කල රු. 1,750/=ක පොලී මුදල සහ වෙනත් පොලී මුදල් සියල්ල එකතු කර “ගෙවීමට ඇති මුලු මුදල” ගණනය කර එම මුලු මුදල එකවර ගෙවීමට සිදු වේ.
එලෙස වෙබ් අඩවිය සක්‍රීය කිරීමක් සිදු කල පසු ඉහත සදහන් කල ආකාරයට වෙබ් අඩවිය සේවාලාභියාට භාර දෙනු ලැබේ.
<< APP DEVELOPMENT සදහා වන කොන්දේසි >>
Mobile App එක Google Playstore/Apple App Store/Huawei App Gallery වෙත Upload කිරීමට පෙර:
Mobile App එකක් සාදා ගැනීමේදී Google Playstore Upload කිරීම සහ අදාල database manage කිරීම යනාදී සියල්ල Fidex Developers ආයතනය මගින් සිදු කරයි.
එහිදී Mobile App එක සෑදීම සදහා ඉහත සදහන් කල ආකාරයට මූලික ගෙවීමෙන් පසු අප විසින් ඇප් එක සාදා Customer හට APK/IPA ආකාරයට ඇප් එක පරීක්ශා කිරීමට සේවාලාභියාට ලබා දේ. එහිදී සේවාලාභියා විසින් ඇප් එක පිලිබද ගැටලු නිරාකරනය කල අවසන් කල පසු ඔහු විසින් ඇප් එක නිවැරදි යැයි සනාථ කල යුතුය.
ඉන් අනතුරුව ඇප් එක Google Playstore/Apple App Store/Huawei App Gallery වෙත Upload කරනු ලැබේ.
Mobile App එක Google Playstore/Apple App Store/Huawei App Gallery වෙත Upload කිරීමෙන් පසු:
Mobile App එක Google Playstore/Apple App Store/Huawei App Gallery වෙත Upload කල පසු ඇප් එකේ ප්‍රධාන අයිතිය Fidex Developers සතු වේ.
එනම් ඇප් එකේ වාරික ගෙවීම අවසන් වනතුරු App Developed Codings, Database Access යනාදිය සේවාලාභියාට ලබා නොදේ.
ඇප් එකේ Admin Access එක සහ ඇප් එක බෙදාහැරීමේ පූර්ණ අයිතිය සේවාලාභියාට ලැබේ.
වාරික ගෙවීම අවසන් වනතුරු ඇප් එකේ සියලු පාලන කටයුතු සේවාලාභියාට ඔහු විසින්ම සිදුකරගත හැකි වන පරිදි අවස්ථාව සලසා දේ.
වාරික ගෙවීම් පැහැර හැරීමක් සිදු කලහොත්:
ඉහත සදහන් කල ආකාරයට Mobile App එකේ Admin Access සේවාලාභියාට ලබා දුන් පසු නියමිත මාසික වාරිකය අදාල දිනට ගෙවාගෙන යාම අනිවාර්ය වේ.
කිසියම් හේතුවක් මත අදාල ගිවිසුම් කලය අවසන් උවද ගිවිසුමේ ඇති පරිදි App development සේවාව සදහා වන මුලු මුදල ගෙවා අවසන් කර නොමැති නම් ගිවිසුම අවසන් නොවේ.
එවිට ගිවිසුම අවසන් වන දිනය වන විට ගෙවීමට ඉතිරිව ඇති මුලු මුදල ගෙවා අවසන් කල යුතු අතර උපරිම දින 5ක් සමා කාලය ලෙස ලබා දෙනු ලැබේ.
ඒ අනුව අවසාන සමා කාලය ද අවසන් වන විට ගෙවීමට ඉතිරි වී ඇති මුලු මුදල ගෙවා අවසන් නොකලේ නම් සමා කාලයේ අවසාන වන දිනයේ සිට ගතවන සෑම දිනකටම රු. 250/= ක් අමතර “පොලී මුදල” ලෙස ගෙවීමට ඉතිරිව ඇති මුලු මුදලට එකතු වේ.
එලෙස සමා කාලය අවසාන වන දිනයේ සට ගතවන සෑම දිනකම දහවල් 12ට එදිනට නියමිත පොලී මුදල ( රු. 250/=) එකතු වේ.
මෙලෙස එකතුවන පොලී මුදල සමග ගෙවීමට ඇති මුලු මුදල එකතු කර ගෙවීමට ඇති “සම්පූර්න ඉතිරි මුදල” ගණනය කරනු ලැබේ.
මෙම “සම්පූර්න ඉතිරි මුදල” ගෙවා අවසන් වනතුරු ඇප් එකේ අයිතීන් සේවාලාභියාට පවරා දීම සිදු නොවේ.
එලෙස මාසික වාරිකය ගෙවීම පැහැර හැරියහොත් එනම් සමා කාලයද ඉක්මවා දින 7කට වඩා ගෙවීම් පැහැර හැරියහොත් Mobile App එකෙහි Database තාවකාලිකව ඉවත් කර Mobile App එක Google Playstore/Apple App Store/Huawei App Galleryඑක තුල නොපෙන්වන ආකාරයට App එක Google Playstore/Apple App Store/Huawei App Gallery තුලින් ඉවත් කිරීම හෝ Block කර දමනු ලැබේ.
එනම් මාසික වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට සම්පූර්න දින 10ක් වාරිකය (එකතු වන පොලිය හැර) නොගෙවා සිටියහොත් වෙබ් අඩවිය තාවකාලිකව වසා දැමෙනු ඇත.
එනම් App එක Run වෙන Database එක නැවැත්වීම තුලින් ඇප් එක හරහා කිසිදු කටයුත්තක් සිදුකර ගැනීමට නොහැක් වන තත්වයට පත් කර සේවලාභියාගෙන් ඇප් එකේ Admin Access ඉවත් කර දමනු ලැබේ.
නැවතMobile App එක යතා තත්වයට පත් කිරීමට නම් අවම වශයෙන් ඇප් එක නවතා දැමූ දිනයට අදාල මාසික වාරිකය හා එදිනට එකතු වී තිබූ පොලී මුදලින් 50%ක් ගෙවිය යුතු වේ.
එනම් Mobile App එක සක්‍රීය කිරීමට මාසික වාරිකය සදහා වන සමා කාලයට පසු දින 7ක කාලයක් ( වාරික ගෙවීමට නියමිත දිනයේ සිට දින 10ක්) වාරික පැහැර හැරියහොත ඇප් එක නවතා දැමෙන බැවින් ඒ වන විට දිනකට රු. 250/= බැගින් දින 7ක් සදහා රු. 1,750/= (One thousand Seven Hundred Rupees)ක පොලී මුදලෙන් අවම වශයෙන් 50% ක් එනම් රු.875/= (Eight hundred seventy five rupees)ක පොලී මුදලක් සහ එම මාසයට නියමිත මාසික වාරිකය ගෙවිය යුතු වේ.
එලෙස කටයුතු කරමින් Mobile App එක නැවත සක්‍රීය කලහොත් Mobile App එකෙහි Database නැවත ස්ථාපිත කර Mobile App එක Google Playstore/Apple App Store/Huawei App Gallery එක තුල පෙන්වන ආකාරයට App එක Google Playstore/Apple App Store/Huawei App Gallery වෙත Upload කිරීමට හෝ UNBlock කර දමනු ලැබේ. මේ සදහා අමතර වියදමක් යන්නේ නම් එයද සේවාලාභියා විසින් ගෙවිය යුතු වේ.
එසේ නොකර Mobile App එක තාවකාලිකව අත්හිටුවීමෙන් මාස 3ක කාලයක් ඇප් එක නැවත සක්‍රීය කිරීමට සේවාලාභියා කටයුතු නොකලහොත් Mobile App එක තාවකාලිකව අත්හිටුවීමෙන් මාස 3කට පසු මාසික ගෙවීමේ ක්‍රමය යටතේ දෙපාර්ශවයම එකග වූ ගිවිසුම අහෝසි වේ.
එතැන් සිට නැවත Mobile App එක සක්‍රීය කිරීමට අවශ්‍ය නම් ගෙවීමට ඇති මුලු වාරික මුදල් සමග ඉහත සදහන් කල රු. 1,750/=ක පොලී මුදල සහ වෙනත් පොලී මුදල් සියල්ල එකතු කර “ගෙවීමට ඇති මුලු මුදල” ගණනය කර එම මුලු මුදල එකවර ගෙවීමට සිදු වේ.
එලෙස Mobile App එක සක්‍රීය කිරීමක් සිදු කල පසු ඉහත සදහන් කල ආකාරයට Mobile App එකේ Database සමග සියලු අයිතීන් සේවාලාභියාට භාර දෙනු ලැබේ.
Customer support services / පාරිභෝගික උපකාරක සේවා:
ඉහත සදහන් කරුණු පිලිබදව ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ක්‍රම ඔස්සේ අප හා සම්භන්ද වන්න.
කෝල්/වට්සැප් : +94 70 111 2015
ඊමේල් ලිපිනය : support@fidex.lk
ආයතනයේ ලිපිනය : සුදර්ශණ මාවත, මල්කඩුවාව, කුරුණෑගල
අප ආයතන මගින් 8.00 AM – 10.00 PM ක්‍රියාත්මක වන පාරිභෝගික උපකාරක සේවා ක්‍රමයක් පිහිටුවා ඇත.